Monday, September 1, 2014

ඔබ සොයමි නිල් කඳු අතර




පිය නගිමි නිල් කඳු වළල්ලට
ඔබ ගේ සිනා සෙවණැලි සැඟවිදැයි බලමි
සෙල්මුව සොයුරියන් තිදෙන ළඟ.
අප ඇවිද ගිය මග එදා මෙන්
ඔබ සොයමි ගල් පඩි බසිමින්
හමුනොවේ එහෙත්.
වැළපෙමි සොයුරියන් තිදෙන සමඟින්.


The Three Sisters, Blue Mountains, 2011

Friday, July 18, 2014

නුඹ




එදවස
හද ගුවන එකලු කළ
සුපුෂ්පිත මල් වෙඩිල්ල
වෙඩි හඬක් නැංවූ
ආත්මය සසල කර

මෙදවස
ගිනි මලකි  නොනිවෙන
උණුසුම දෙමින් ළය තුල
වළ ගොඩැලි මඟ හැර
දිවි අඳුර දල්වන

Friday, February 21, 2014

මළානික හදවත



ඔබ ගියත් ඉගිල්ලී 
නොදැක්ක ගානට 
විසල් රියක් අවැසි නෑ මට 
සීතලට 
එදා මෙන් ඇවිද යමි 
හිම වැටුණු පරණ මග 
පණ ගැහෙන හදවතේ 
උණුහුම තිබේ මට 

Monday, February 17, 2014

එනතුරු ඔහු අද




එනවා නේද අද 
හවස් වෙන කොට?
මතකද බහින තැන
වංගුව පහු කරද්දිම?